Health
පලතුරු වලට කෘෂි රසායන ද්‍රව්‍ය යොදන නිසා සෝදා ආහාරයට ගන්න
මෙවර ආරෝග්‍යා තුළින් ඔබ දැනුවත් කරන්නේ වැසි කාලයේදී එළවළුල පලතුරු ආහාරයට ගැනීමේදී සැලකිළිමත් විය යුතු කරුණු පිළිබඳවයිග වැසි කාලයේදී එළවළු මිලදී ගැනීමේදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයග එයට හේතුවන්නේ වැසි කාලයේදී පස සෝදා ගෙන ගොස් අපද්‍රව්‍ය ලඅසූචි මිශ්‍ර වූ ජලය බෝගවලට ගලාගෙන එන බැවින් පොළවේ හට ගන්නා ලීක්ස්ල කැරට්ල ගෝවාල අර්තාපල් වර්ගවලට විෂබීජ මෙම බෝගවල අන්තර්ගතවී තිබීමට පුළුවනග එබැවින් මෙවැනි බෝග ආහාරවලට ගැනීමේදී ඉතාමත් හොඳින් සෝදා පිරිසුදු කළ යුතුයග විශේෂයෙන් ගලා යන ජලයෙන් පිරිසුදු කිරිම අතිශයින් වැදගත්ග වඩාත් උචිත වන්නේ මෙවැනි බෝග වර්ෂා කාලයේදී පරිභෝජනය කිරිම අවම කිරීමයිග
වර්ෂා සමයේදී එළවළු මිලදී ගන්නා විට තක්කාලිල බෝංචිල කරවිලල මාළු මිරිස්ල ගෝවාල ලීක්ස්ල වම්බටුල අර්තාපල් ල පතෝල වැනි පළිබෝධනාශක වැඩිපුර භාවිතා කරමින් වගා කරන එළවළු පරිභෝජනය අවම කිරීම යෝග්යයිග විශේෂයෙන් මෙම කාලසීමාව තුළදී වැඩිපුර පරිභෝජනය කළ යුත්තේ සුළු බෝග වශයෙන් වවන එළවළු වර්ගයග මෙම එළවළු වර්ග බහුලව දක්නට ලැබෙන්නේ මහා පරිමාණ එළවළු විකුණන තොග වෙළෙන්දන් ළඟ නොව පොළවල්වල හෝ කුඩා කඩපිල්වලල ගමේ ආච්චිලාල අම්මලා ළඟයගගමේ වගා කරන සුළු පරිමාණයේ බෝග සඳහා ඔවුන් භාවිතා කරන්නේ ගොම පෝරල කුකුල් පෝරල මුළුතැන්ගේ අපද්රව්යයයිග රසායනික පොහොර මිලදී ගැනීමට ඔවුන් ළඟ මුදල් නොමැති හෙයින් කොම්පෝස්ට් පොහොර යොදා වගා කරන මෙම බෝග පරිභෝජනයට වඩාත් සුදුසු වේග
විටමින් මෙන්ම පෝෂණ ගුණයෙන් සපිරි පළා වර්ග විශේෂයෙන් මුගුණුවැන්නල කංකුංල ගොටුකොළ ආදිය මහා පරිමාණයෙන් වගා කරන ගොවීන් මේවාට පළිබෝධනාශක ඉසින බවට වාර්තා වී ඇතග දින කීපයක් මලානික නොවී පවත්වා ගැනීමට රසායනික ද්‍රව්‍ය භාවිත කරන බවද සොයාගෙන තිබේග එබැවින් වැසි සමයේ පළා වර්ග ආහාරයට ගැනීමේදී ඉතා පරිස්සම් විය යුතුයග අපද්‍රව්‍ය සමඟ එකතු වන ජලයෙන් මෙම පළා කොටු යටවන බැවින් අපිරිසුදු ජලයත් සමඟ මේවා ආහාරයට ගැනීමට සිදුවේග විශේෂයෙන් අමුවෙන් ආහාරයට ගන්නා ඇතැම් පළා ගලා යන ජලයේ හොඳින් සෝදා ලුණු වතුර ස්වල්පයක් දමා සෝදා ආහාරයට ගැනීම වඩාත් යෝග්යයග කලවම් පළාල නීරමුල්ලියල තෙබුල කූරිඥ්ඥාල පැණි තෝරල අගුණ කොළ වැනි පළා වර්ග අනුභවය වඩාත් සුදුසු වේග පෝෂණ ගුණය ලබා ගැනීමේ අරමුණින් පළාවර්ග අනභව කළද රසායනික ද්‍රව්‍ය සමඟ මිශ්‍ර වී තිබෙන පළා වර්ග අනුභවයෙන් ඔබේ සිරුරට කෘෂි රසායනිකයේ ඇති බැර ලෝහ අවශෝෂණය වී අපි රෝගීන් බවට පත්වන බැවින් තත්ත්වය එතරම් සුබදායක නොවේගමහා පරිමාණ ගොවීන් වගාවේ සශ්‍රීකත්වයට පළිබෝධනාශක භාවිතා කරතිග අප වෙළඳපොලෙන් මිලදී ගන්නා එළවළු මෙලෙස කෘෂිරසායනික ද්‍රව්‍ය යොදා වගාකරන ලද්දක් බව ඇතැමුන් නොසිතතිග එළවළු පලතුරු අනුභවයේදී පහත සඳහන් ආකාරයට පරිභෝජනය කිරීම වඩාත් වැදගත් වේග
සියලුම එළවළු වර්ග පිසීමට පෙර හොඳින් සෝදා ගන්නග එකවර නොව දෙතුන් වරක් සෝදා ගන්නග එවිට ඒවායේ ඇති රසායනික ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් හෝ ඉවත් වී යා හැකග පලතුරු වර්ග ආහාරයට ගන්නේ නම් එය ඉතා හොඳින් සේදිය යුතුයිග හේතුව වන්නේ පලතුරු අමුවෙන් ආහාරයට ගන්නා බැවිණිග උදාහරණ වශයෙන් අඹ ඉදවීමට කාබයිට් මිශ්‍ර ජලය ඉසීම ඇතැම් වෙළඳුන් විසින් සිදු කරනු ලැබේග තැනින් තැන කහපාට වූ අඹ ආහාරයට ගැනීමෙන් වැළකිය යුත්තේ ඒවාට කාබයිට් මිශ්‍ර ජලය ඉසින බැවිණිග සාමාන්‍යයෙන් අඹ ගෙඩියක් ගසේදී ඉදෙන්නේ ඉහළ සිට පහළටයග එසේ නොවන ආකාරයට අඹ ගෙඩියක් ඉදුණහොත් එවැනි අඹ ආහාරයට ගැනීමෙන් වළකින්නග එපමණක් නොව ඇතැම් පලතුරු :ඇපල්ල මිදි- එහි නැවුම් බව ආරක්ෂා කිරීමට ඇතැම් රසායනික ද්‍රව්‍ය ඉසින අතර ඒවා ඉතා හොඳින් සෝදා ආහාරයට ගත යුතුයිග දෙල්ල කොස්ල පොළොස් වැනි ආහාර බොහෝ විට රසායනික ද්‍රව්‍ය නොඉසින බැවින් එවැනි ආහාර වර්ග වඩාත් යෝග්‍යය වේග
නමුත් අවාසනාවකට අපට ආහාරයට ගැනීමට සිදුවන්නේ රසායනික පොහොර යෙදූ ආහාර බැවින් අප ඒවා හොඳින් සෝදා පවිත්‍ර කර ආහාරයට ගත යුතුයි
curtesy :
dinamina.lk